ශ්‍රි ලංකාවේ බුදු සසුනේ මූලාරම්භය සිදුවූ ඓතිහාසික පෞරාණික නගරයක් වන අනුරාධපුර නගරයේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පිහිටා ඇත. පළාතේ සිසු සිසුවියන් 287,187 ක් සහ ගුරු වරුන් 16,601 ක් (පළාත් සහ ජාතික පාසල්) පමණ පාසල් 799 ක් තුල ඉගෙනුම් ක්‍රියාවලියේ නිරතවී සිටියි. පරිපාලන කටයුතු සදහා කලාප අටකට වෙන්කර ඇති අතර ඉන් කලාප පහක් අනුරාධපුර දිස්ත්‍රික්‍කයේ ද කලාප තුනක් පොළොන්නරු දිස්ත්‍රික්‍කයේ ද පිහිටා තිබේ.
|