ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.   "ඉගෙනුමට මුල් තැන"  - පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරුමැද පළාත.
මුල් පිටුව
26th, April, 2024
හබරණ විදු දරුවෝ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් බුදු තෙමඟුළ සැමරූ වග........
2017. 05.11 වන දින උදාවනලද වෙසක් පෝය නිමිත්තෙන් ආරම්භ වූ වෙසක් සතියට සමගාමීව අ/හබරණ ද්විතීක පාසලේ විශේෂ වැඩසටහන් පෙළක දිග හැරුම මෙසේ සටහන් තබමි. මෙම පාසල නිතැතින් බොදු පිළිවෙත් ඔස්සේ ඒකාලෝක කරන නියමුවානන් වන විද්‍යාලීය ආචාර්ය සේනාධිරියාගම ධම්මරතන ස්වාමින් වහන්සේ වෙසක් සඳහන් චාරිකාව දියත් කරන ලදී.මෙහිදී විද්‍යාලයාධිපති ගාමිණී ඒකනායක මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහය මත සියලු ගුරුභවතුන් වෙත කාර්යන් බෙදා දෙන ලදී. මේ අනුව 2017.05.07 වන දින “සෞඛ්‍ය හා බුදු දහම” යන තේමාව අනුව පාසල හා පන්සල අවට පරිසරය පිරිසිදු කිරීමේ කාර්යන්හි නිරත වන ලදී. එසේම සමාරම්භක සාදුකාරයට අනුව පාසල් භූමියට ආශිර්වාදයක් වූ බෝ සමිදු අභියස විශේශ වූ ආශිර්වාද පූජාවක් පවත්වන ලදී. ඉන් පසුව පාසල් ඉදිකිරීමත් කරන ලදී. එසේම සිසු දරුවන් අතින් වෙසක් පහන් කූඩු නිර්මාණය සහ ප්‍රදර්ශනයද සිදුවිය.මෙම සියලුම ක්‍රියාකාරකම් හේතුවෙන් අප පාසල පන්සලක සිරිය ගෙන තිබුණි. මී ළග ක්‍රියා කාරකම වන ශීල භාවනා වැඩසටහන ට අනුව පාසලේ සියලු දරු දැරියන් හා ගුරු භවතුන්ගේ සහභාගීත්වයෙන් 2017.05.09 වන දින උදූසන 7.30 ට සීල සමාදාන වැඩ සටහන ක්‍රියාත්මක කරමින් පාසලේ ආචාර්ය සේනාධිරියා ගම ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් පිරිස සීලයෙහි පිහිටුවා උදෑසන බුද්ධ පූජා කටයුතු ඉටුකරන ලදී. මින් අනතුරුව අවට පන්සල්වලින් වැඩම කරවන ලද ස්වාමීන් වහන්සේලා හේවිසි නාද මාධ්‍යයේ මුතුකුඩ යටින් අදාළ ධර්මාසන වෙත වඩම්මවාගෙන යන ලදී.උන්වහන්සේලා විසින් හරවත් වු ධර්ම දේශනා වලින් දරුදැරියන්ගේ දෙසවන් පිනවමින් බුදු දහමේ හරය ප්‍රායෝගික ජීවිත හැඩගස්සවා ගැනීමට යොදා ගන්නා අයුරු පැහැදිළි කොට වදාළ සේක..එසේම භාවනා ක්‍රියාකාරකම් වලට ද අවස්ථාව ලබා දෙමින් චිත්ත සන්තානය සන්සුන් කරගැනීමේ මාර්ගයට ද යොමු කළ සේක. දෙමාපියන් විසින් රැගෙන ආ දහවල් දානය අමාමෑණි බුදු රජාණන්වහන්සේට පූජා කිරීමෙන් අනතුරුව සිල්වත් පිරිසටද දහවල් දානය පිළිගන්වන ලදී. සවස් භාගයේ විශේෂ ක්‍රියාකාරකමක් ලෙසින් අප පාසලේ ආචාර්ය ස්වාමීන්වහන්සේ සහ උන්වහව්සේගේ ශිෂ්‍ය ස්වාමින්වහන්සේ නමක් විසින් සුමුදුර වූ කවි බණක් ඉදිරිපත් කරමින්මෙම දිනයේ අවසන් භාගය ඉතාමත් හරවත් කළහ.මින් අනතුරුව සවස 3.30 ට පමණ චාරිත්‍රානුකූලව අටසිල් පවාරනය කරමින් සියලුදෙනා සතුටු සිතින් නික්ම ගියහ. වෙසක් සදහම් චාරිකාවේ මී ළඟ අවස්ථාව වශයෙන් 2017.05.12 වන දින ආශීර්වාදාත්මක වීශේෂ වූ බෝධී පූජාවක් සහ සෙත් පිරිත් සජ්ඣායනාවක් පවත්වන ලද්දේ පාසලේ ආචාර්ය සේනාධිරියාගම ධම්මරතන ස්වාමින්වහන්සේගේ සුමුදුරවූ ස්වරයෙනි. සතියක් පුරා පැවති වෙසක් සදහම් චාරිකාව තුළින් ඉස්මතු වූ ආමිස මෙන්ම ප්‍රතිපත්ති පූජාමය ක්‍රියාකාරකම් චාරිත්‍රානුකූලව සිරිත් විරිත්වළට අනුගතව ඉෂඨසිද්ධ කිරීමෙන් මතු පරපුර ඉන් ලද පෝෂණය තුළින් හෙට දින ගුණනුවනින් සපිරි සමාජ නියමුවන් වනු දැකීම අපගේ ඒකායන අරමුණයි. සැකසුම:-පුෂ්පා නාලනී
19459 ------- NCP/A/KK/PG/Habarana M.V ------ 0000-00-00

NCP/A/GB/GB/Gomarankalla Track 5 V ( hematilake ) 2017-06-02 - 04:52:57
wish you all the best.........